ඇල්ල - වැල්ලවාය ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවයි.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 500ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.