ඇතිමලේ කාබනික සීනි නිෂ්පාදනය ඇරැඹේ


ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ආයතනයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කළ උක් අස්වැන්නෙන් පළමු කාබනික සීනි තොගයේ නිෂ්පාදන කටයුතු පෙරේදා (26 වැනිදා) ආරම්භ කෙරිණි.


මේ අවස්ථාවට ඇතිමලේ වැවිලි (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මෙහෙයුම් රාජසේකර් රාසප්පන්, ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රත්නායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධම්මික සරත් විජේසේකර, මානව සම්බන්ධතා කළමනාකරු කනිෂ්ක සමරවික්‍රම සහ මානව සම්පත් කළමනාකරු සී.චතුරංග එක්වූහ.



මෙරට පළමුවැනි පෞද්ගලික සීනි කර්මාන්තශාලාව ලෙස සැලකෙන්නේ ඇතිමලේ සීනි කර්මාන්ත ශාලාව වේ. සුදු හා දුඹුරු සීනි යන දෙවර්ගයම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති එකම ස්වයංක්‍රීය සීනි කර්මාන්තශාලාවද මෙය වේ. ගෝලීය සහ දේශීය වෙ​ෙළඳපොළෙහි කාබනික සීනි සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර, දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා විදේශ වෙළඳපොළෙන් කාබනික සීනි මෙරටට ආනයනය කිරීම වර්තමානයේදී සිදුකෙරේ. වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී දේශීය උක් කර්මාන්තය සහ දේශීයව නිෂ්පාදනය කරන සීනි සඳහා ඇති ඉල්ලුම පහළ යාම හේතුවෙන්, සාමාන්‍ය දුඹුරු සීනි නිෂ්පාදන කර්මාන්තය මේ වන විට දැඩි අභියෝගයකට ලක්ව ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇතිමලේ වැවිලි සමාගමේ සභාපති අනුරත් අබේරත්නගේ දැක්ම අනුව, සහ අධ්‍යක්ෂ සවිඳු අබේරත්නගේ උපදෙස් සහ මෙහෙයවීම මත ගෝලීය කාබනික සීනි අවශ්‍යතාව පිළිබඳව අධ්‍යයනයක් කර ඇත. බිඳ වැටී ඇති සීනි කර්මාන්තය නැවත ගොඩනැගීම සඳහා ඇතිමලේ ප්ලාන්ටේෂන්ස් කර්මාන්තශාලාව කේන්ද්‍ර කරගනිමින් මෙරට පළමුවැනි වරට දේශීය කාබනික සීනි නිෂ්පාදනය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබිණි.



කාබනික සීනි නිෂ්පාදනය කිරීමේදී උක් වගාව සඳහා කෘතිම පොහොර, පළිබෝධනාශක, වල්නාශක හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද ජීවීන් (GMO) භාවිත නොකරන අතර ගොවිතැන් ක්‍රමවලදී පාංශු සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ පාරිසරික තිරසාර බව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව එම සමාගම පවසයි. කාබනික සීනි නිෂ්පාදන ක්‍රියාවලියේදී ද කර්මාන්තශාලාව තුළ කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකරයි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.