ප්‍රංශයේ හිටපු ජනපතිට වසර 5ක සිර දඬුවම්



ලිබියාවෙන් ලද අරමුදලක් සිය ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා අවභාවිත කිරීමේ චෝදනාවකට ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාර්කෝසිට වසර 5ක සිර දඬුවම් නියම කර තිබේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ අද දින ප්‍රංශ අධිකරණයකදී යි.

දින කිහිපයකට පෙර මිය ගිය සාර්කෝසිට එරෙහි නඩුවේ ප්‍රධාන චූදිතයා වූ ප්‍රංශ-ලෙබනන් ව්‍යාපාරිකයෙකු වූ සියාඩ් ටකිඩින් ප්‍රකාශ කර තිබුණේ ඔහු අවස්ථා කිහිපයකදී යූරෝ මිලියන 05 සිට මුදල් ගඩාෆිගෙන් සාර්කෝසි සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට ප්‍රවාහනය කිරීමට සහය වූ බවයි.

අභිචෝදකයන් තර්ක කළේ, සාර්කෝසි සහ ඔහුගේ සහායකයින් , සාර්කෝසිගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට නීතිවිරෝධී ලෙස අරමුදල් සැපයීම සඳහා 2005 දී ගඩාෆි සමඟ ගිවිසුමක් සකස් කළ බවයි.

සාර්කෝසි සහ ඔහුගේ සමීපතමයන් ඇතුළු තවත් 11 දෙනෙකුට මෙම චෝදනා එල්ල වී තිබේ.

චෝදනා ලැබූ අය අතර ක්ලෝඩ් ගුආන්,ඔහුගේ එවකට මැතිවරණ ව්‍යාපාර අරමුදල් ප්‍රධානී එරික් වර්ත්සහ හිටපු අමාත්‍ය බ්‍රයිස් හෝර්ටෙෆූක්ස්ද සිටි අතර, ඔවුන් සියලු දෙනාම එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

70 හැවිරිදි සාකෝසි, ධුරය දිනා ගැනීම සඳහා නීති විරෝධී විදේශ අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයා වේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.